මොකක්ද මේ Workdesk.lk කියන්නෙ?

කෙටි හැඳින්වීමක්

සරලවම පැහැදිලි කලහොත් Workdesk.lk මගින් සිදුවන්නේ ශ්‍රී ලාංකික freelance සේවා සපයන්නන් සහ එම සේවා අවශ්‍යය පිරිස් මුණ ගැස්වීමයි.
මූලික අදියරේදි,

  • වෙබ් අඩවි නිර්මාණකරණය
  • මොබයිල් ඇප් නිර්මාණකරණය
  • ග්‍රැෆික් නිර්මාණකරණය
  • ලිපි ලේඛණ සැකසීම
  • දත්ත ඇතුලත් කිරීම (Data Entry)
  • පරිවර්තන
යන සේවාවන් සඳහා Workdesk.lk පහසුකම් සලසයි. දැනටමත් අප හා freelance සේවා සපයන්නන් 2000 කට අධික පිරිසක් ලියාපදිංචි වී සිටිති.

Freelancer.com, Fiverr වගේ සේවාවන් රැසක් දැනටමත් තියෙද්දි ඇයි මේ තව site එකක්?

අනෙකුත් දැනට පවතින සේවාවල නැති Workdesk.lk වලට පමණක්ම අනන්‍ය වුනු සුවිශේෂිතා රැසක් පවතිනවා.

  • ශ්‍රී ලාංකික සේවා සපයන්නන් සහ ශ්‍රී ලාංකික සේවා අවශ්‍ය පිරිස් පමණක් මුණගස්වන නිසා සේවක, සේව්‍යය දෙපිරස අතර සන්නිවේදනය ඉතා ඉහළ මට්ටමක පවතින අතර සන්නිවේදනය සඳහා Workdesk.lk සම්භාධක පනවා නොමැත.
  • Freelancer.com හෝ Fiverr වැනි කිසිදු ස්ථානයකදී ඔබට මුණ නොගැසෙන ඉංග්‍රීසි දැනුම සහ පරිඝනක දැනුම ඉතා අවම, නමුත් අනෙකුත් ඉහල දක්ශතා ඇති පිරිස් හා සම්භන්ධ වීමට ඇති හැකියාව.
  • ශ්‍රී ලාංකික මිළ ගණන් යටතේ සේවාව කරවා ගැනීමට ඇති පහසුව.
  • සිංහල/ඉංග්‍රීසි පාරිභෝගික සේවා සහාය.
  • ව්‍යාපෘතිය අවසන් වනතුරු Workdesk.lk අධීක්ෂණය
  • පහසු ගාස්තු ගෙවීම් සහ මුදල් හුවමාරු හැකියාව (බැංකු තැන්පතු, credit/debit කාඩ්, eZ-cash, mCash, සම්පත් විශ්ව)
මේ අතරින් කිහිපයක්.

Workdesk.lk එකේ ව්‍යාපෘතියක් (project එකක්) පටන් ගන්නෙ කොහොමද?

  1. ඔබේ ව්‍යාපෘතිය Workdesk.lk හි පළ කරන්න.
  2. අපගේ සේවා සපයන්නන් වෙතින් නොමිලේ මිල කතනයන් (quotations) ලබා ගන්න
  3. ඔබට ගැලපෙන සේවා සපයන්නා තෝරාගෙන ව්‍යාපෘතිය අරඹන්න
මේ සියල්ල සඳහා ගත වන්නේ මිනිත්තු කීපයක් පමණි. ඔබට ගැලපෙන සේවා සපයන්නා තෝරාගැනීමේදී ඔහුගේ හෝ ඇයගේ අධ්‍යාපනික/සේවා කුසලතා සහ අත්දැකීම්, පසුගිය ව්‍යාපෘති තොරතුරු අප වෙබ් අඩවිය හරහාම ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.

Workdesk.lk හි ව්‍යාපෘති සඳහා යොදවන මුදලේ සුරක්ෂිතතාව Workdesk.lk තහවුරු කරන්නෙ කොහොමද?

මූලික කරුණ නම් සේවා සපයන්නා වෙත අදාල මුදල නිදහස් කරනු ලබන්නේ මුදල් යොදවන්නා විසිනි. තමන් බලාපොරොත්තු වුන සේවාව ඉටු වී ඇත්නම් මුදල නිදහස් කිරීමටත්, එසේ නොමැතිනම් ඒ ගැන Workdesk.lk වෙත වාර්තාකොට මුදල් නිදහස් නොකිරීමටත් මුදල් යොදවන්නාට හැකියාව පවතී. ඒ අතරෙම Workdesk.lk කණ්ඩායම සියලුම ව්‍යාපෘති වෙන වෙනම අධීක්ෂණය කිරීමක්ද කරනු ලබනවා.